Showing posts with label Home. Show all posts
Showing posts with label Home. Show all posts

Mal Pethi Sanasan Mal Pare - Theekshana Anuradha

මල්පෙති සනසන මල් පාරේ යන එන
අහංකාර සිත මට දෙන කරදර කරදර
ආදර බහකට පොරකන මගේ හිත
ගොලුකර තදකර
ඕ.. ඔය අහංකාරී මට දෙන කරදර //

නිලුපුල් දෑස බිමට යොමා
ඇස් කොනකින්වත් නොබලා
ඈ පියමන් කෙරුවා මල් පාරේ
වැටුනා සෙනෙහේ ඒ දෑසින්
හැන්ගුනා මල් පෙති අතරේ
දුටුවා දුටුවා මං
ඕ.. ඔය අහංකාරී මට දෙන කරදර //

තොල් පෙති තදකර ආයාසෙන්
ඇස් කොනකින්වත් නොබලා
ඈ පියමන් කෙරුව මල් පාරේ
ඒ මුවගින් සිනහව වැටිලා
හන්ගුනා මල් පෙති අතරේ
දුටුවා දුටුවා මං
ඕ.. ඔය අහංකාරී මට දෙන කරදර //

මල්පෙති සනසන..
Mal Pethi Sanasan Mal Pare - Theekshana Anuradha

Hitha Haduwath Maha Merak Tharam - Theekshana Anuradha

හිත හඩුවත් මහා මෙරක් තරම්
ජීවිතයට නෑ සැනසීමක්
කදුළු ගගක් ගැළුවක් මෙතරම්
ආදරයක් නෑ පෙනෙන දුරින්

ජීවිතයක ඉම පෙනෙන නොපෙනෙනා
මරණයක ඉද ඔබ සිනාසුනා
සංසාරෙන් සංසාර පුරුද්දට
ඔබව සොයාගෙන මා අවා

සිත රිදිලා මහ මෙරක් තරම්
කදුළු සීරුවට බිම වැටුනා
හිත හීලෑ නෑ අමතක කරන්න
හෙමින්සැරේ දුක සොයා එනවා
Hitha Haduwath Maha Merak Tharam - Theekshana Anuradha

Heguma Eida Metharam - Samitha Mudunkotuwa


හැගුමන් ඇයිද මෙතරන්
නැතිදෝ හිතේ රහසක්
පවසන්නේ බලා මා දෙනෙත්
රහසින් කියනු බැරිනම්
මා ඉන්නම් දිවිපුරා නුබ ළගින්

හීනයක දැවටෙමින්
රුවට ඔබේ මතවෙමින්
හිත පුරා දැල්වෙනා පෙම් හැගුම්
දෙනෙත් අග පොපියමින්
දෙතොල් අග මුමුනමින්
කවියක් වෙන්න පෙරුමන් පිරුවා මං

වසන්තේ උදාවී
මල්වලින් සුවද වී
නොසගවා කියනු මැන ආදරේ
අතරමංවී සොයයි
කොහි ගියේ සැගවෙමින්
ඔබවමයි පැතුවේ මා හදවතින්

හැගුමන් ඇයිද....

Samugena Yado Yali Hamuwedo-Namal Udugama

සමුගෙන යාදෝ යලි හමුවේදෝ
ආල සිතේ මල් පරවීදෝ
අත දිගමානේ ඈ ළග නෑනේ
පින් මදි වීදෝ සංසාරේ//

මේ ගුරු පාරේ කුලගෙට යාවී
ඉස්සර පෙම්කල සිරියාවී
රෑ සද පානේ බොහො දුර අවේ
ඈ දැක ගන්නයි තරු රෑනේ//

සමුගෙන යාදෝ.....

සෙනෙහස පෑවේ මුකුලිත වූයේ
සමුගන්නත් ඇය නැහැ අවේ
මතු සංසාරේ හමුවෙමු ආයේ
ජාතිත් මගේ තරහක් නෑනේ //

සමුගෙන යාදෝ.....

Me Wedana Mata Pawarala - Namal Udugama

මේ වේදනා මට පවරලා
වෙන්වී ගියේ ඇයි මා හඩවලා
අදහන්න බෑ පිළිගන්නේ නෑ
ඔබමද කියා පෙම් කලා කෙනා ඒ

ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
අන්සතු වෙලාදෝ මට මැවූ කෙනා
අපට අප හිමි නෑ සදා
 මේ වේදනා මට පවරලා
වෙන්වී ගියේ ඇයි මා හඩවලා

ළග උන්නු කාලේ කී කතා සිහිවේ
අමතක උනාදෝ නිස්කාරනා
යලි මුණ ගැසේ නම් නාදුනන සේ මං
මග හැරලා යන්නම් මතු හමුනොවෙන්නම්

ඔබට මා හිමි නෑ...

දා කදුළු අතරේ රදවා තියලා
ඈතට වුනේ ඇයි රහසේ ඔයා
යලි මුණ ගැසේ නම් නාදුනන සේ මං
මග හැරලා යන්නම් මතු හමුනොවෙන්නම්

ඔබට මා හිමි නෑ...

අදහන්න බෑ පිළිගන්නේ නෑ

ඔබමද කියා පෙම් කලා කෙනා ඒ

Ma Diha Balanna Lanwela - Namal Udugama

මා දිහා බලන්න ලංවෙලා
ස්නේහේ පෙම් වඩන්න හිනැහිලා
ජීවිතේ පුරා වේදනා ගලා
හදවත් බොහෝ ගිලන්වෙලා//

වීදියේ පියාබ්මී ඈ එපා මට එපා කියා //
මා කෙලෙස් මලින් නොවේ ලදක් සිහා සිනාසිලා බලන්නේ
රන් පලස් එලා සිතා නොවෙයි ලොවේ පුදත් පෙමින් පතන්නේ
සැමදා ඇයි මෙමාව මේ ලෙසේ දුකින් තවත් තියන්නේ

මා දිහා බලන්න.....
ජීවිතේ ටිකයි ටිකයි කාලය පියාබලානේ යන්නේ
වැරදි වෙයි සැමා අතින්ම නමුත් නෑනේ සදා තියෙන්නේ
ඔබ සමාව දුන් නිසාද වේදනාව තව මෙසේ ලබන්නේ


මා දිහා බලන්න

Mathaketa Enavita Nubama - Ishan Shanaka

මතකෙට එනවිට නුබම පතන්නට මට තහනම් වෙලා ඔයා
හැමදාමත් ඔබෙ වෙන්නට බෑ අයෙත් හිනහ වෙලා
හිමි නැති පෙමකට පෙරුමන් පිරුවට අද අන්සතු වෙලා ඔයා
කවදාවත් රිදවන්නට බෑ ඔබ වගේ ඈත් වෙලා

හුස්ම පවා මට ලං කරලා වෙනතක නුබ පැටලිලා
ගැස්මන් සිතේ අඩපන වෙලා හුගක් ඔයා වෙනස් නිසා
හිනේහෙන්න ඔය වගේ වරදින්නෙපා කවදාවත්
මගේ ආයුෂත් අරගෙන ඉන්න රත්තරං

මතකෙට එනවිට....

මගෙමයි කියා ඔහුට පෙම් කරලා ගියාට මා හඩවලා
අහිතක් මගේ නැහැ පන ඔයා ඉන්න සදා දුරස් වෙලා
හිනේහෙන්න ඔය වාගේ වරදින්නෙපා කවදාවත්
මගේ ආයුෂත් අරගෙන ඉන්න රත්තරං


මතකෙට එනවිට....

Sulan Kodayaka maha Megayaka - Edwad Jayakodi

සුළං කෝඩයක මහා මෙගයක සැගවී සැතපී
හෙමින් සැරේ අවාද මා වෙත හිනැහී සැනැහී
අවුල් කරන්නට නිසල දිවි මගේ
කොහේ සිටන් ආවද නොදනිමි
අවාරයේ පිපි මල් කැකුලේ

සිහිල් දිය වැලෙක සුනිල් වන ගැබෙක තනි වී හිදිමි
වසත් සිහිනයෙක මනෝ දයානයෙක නිදහස දකිමි
නොඑන් මා කරා සමදියෙන් මා මුදවා
මා නුරා මතින් පුරවා
අවාරයේ පිපි මල් කැකුලේ

සුළං කෝඩයක...

වහල් දිවිගමනේ නුවන් යුග සරින් හැමදා මිදෙමී
ගිමන් නිවාලන තපෝ වසයක රැදිලා  හිදිමී
දුහුල් සළු උනා ද්යානයෙන් මා මුදවා
මා සිතේ බවුන් බිදිලා
අවාරයේ පිපි මල් කැකුලේ
Edward Jayakody in Kegalle, Sri Lanka is a Sri Lankan musician, singer and composer.
he music for hundreds of Sinhala films and television serials and has also composed many songs for children's programming.
BornApril 6, 1952 (age 64), Sri Lanka

During the period from 1968 to 1976, Jayakody participated in the Maliban Guwan Thotilla and in amateur music programmes. He entered the Government College of Music in 1976 (presently the Faculty of Aesthetic Education of Kelaniya University) and during that time took part in music programmes conducted by popular musicians. At that time he started releasing cassettes and his career took off.
He was the music teacher at Nalanda College Colombo in mid 1980s.

Jayakody's album Deduna Palama was released on April 6, 2003.

Nubata Hithethi Nuba Hitha Nathi - Edwad Jayakodi

නුබට හිතැති නුබ හිත නැති
හිතක් අඩනවා
මට හිත නැති උනත් නුබෙන්
හෙටක් පතනවා
හිතැති සිතක් අඩනවා...

ගමක කදුළු නුබේ නමට
නතින් ගලනවා...
රෑ සිහිනෙන් පෙම් දිව සළු
සිත දැවටෙනවා..

නුබට හිතැති

ආදරයෙන් පිරුණු ලොවක්
ඇතැයි හිතෙනවා...
එවන් ලොවට මල් පාවඩ

නුබත් එලනවා..
Edward Jayakody in Kegalle, Sri Lanka is a Sri Lankan musician, singer and composer.
he music for hundreds of Sinhala films and television serials and has also composed many songs for children's programming.
BornApril 6, 1952 (age 64), Sri Lanka

During the period from 1968 to 1976, Jayakody participated in the Maliban Guwan Thotilla and in amateur music programmes. He entered the Government College of Music in 1976 (presently the Faculty of Aesthetic Education of Kelaniya University) and during that time took part in music programmes conducted by popular musicians. At that time he started releasing cassettes and his career took off.
He was the music teacher at Nalanda College Colombo in mid 1980s.
Jayakody's album Deduna Palama was released on April 6, 2003.

Oba Malak Wagea Hinehila - Athula Adikari

ඔබ මලක් වගේ හිනෙහීලා
මට සතුට අරන් අවා
සුවදේ වේලිලා ඔබ හා බැදිලා
සසරේ සැමදා අවා

උදා නොවුන මධු වසන්තයයි මේ අවේ
නිමා නොවූ පෙම සදා රැදුනාවේ
ඔබ කී කතා අහලා දිවියේ විඩා නිවිලා
රතු රෝස මල් සුදු රෝස මල්
තව පාට මල් පිපුනා

හඩන්නෙපා යළි කවදා හෝ ඔය දෑසින්
ළගින් හිදින්නම් මියෙන තුරා තනි රකිමින්
ඔබ කී කතා අහලා දිවියේ විඩා නිවීලා
රතු රෝස මල් සුදු රෝස මල්
තව පාට මල් පිපුනා
Oba Malak Wagea Hinehila - Athula Adikari

Muthulatha Sinaha Pokuru Pa - Athula Adikari

මුතුලතා සිනහා පොකුරු පා
මුතු මැණිකේ බලනු එපා
නෙතු පැටලී සිත මා අසරණ වෙලා

මම ළදේ කෙලෙසද කියන්නේ
ආල හැගුම් මුව ගොළුවී
හිත පැටලී අද මා අසරණ වෙලා

ගෙලේ තොරෝම්බෝල් මලේ පලදා
ඉහේ තැබිලි තෙල් ගාලා පීරා
පාලොස්වක පෝදා හද ගමට වඩින ලීලෙන්
දෙවැටේ නුබ එන්නා

මුතුලතා සිනහා...

තුන්තිස් පැය රෑ නිදිනම් නැතුවා
ඉලන්දාරි මං රහසේ හැඩුවා
මුතු බිදු මුතු මැණිකේ නුබ කරකාරෙට ගන්ටා
පූරුවේ පින් නැතුවා

මුතුලතා සිනහා...
Muthulatha Sinaha Pokuru Pa - Athula Adikari