Mal Pethi Sanasan Mal Pare - Theekshana Anuradha

මල්පෙති සනසන මල් පාරේ යන එන
අහංකාර සිත මට දෙන කරදර කරදර
ආදර බහකට පොරකන මගේ හිත
ගොලුකර තදකර
ඕ.. ඔය අහංකාරී මට දෙන කරදර //

නිලුපුල් දෑස බිමට යොමා
ඇස් කොනකින්වත් නොබලා
ඈ පියමන් කෙරුවා මල් පාරේ
වැටුනා සෙනෙහේ ඒ දෑසින්
හැන්ගුනා මල් පෙති අතරේ
දුටුවා දුටුවා මං
ඕ.. ඔය අහංකාරී මට දෙන කරදර //

තොල් පෙති තදකර ආයාසෙන්
ඇස් කොනකින්වත් නොබලා
ඈ පියමන් කෙරුව මල් පාරේ
ඒ මුවගින් සිනහව වැටිලා
හන්ගුනා මල් පෙති අතරේ
දුටුවා දුටුවා මං
ඕ.. ඔය අහංකාරී මට දෙන කරදර //

මල්පෙති සනසන..
Mal Pethi Sanasan Mal Pare - Theekshana Anuradha


EmoticonEmoticon