සීගිරි අප්සරාව කැන්දන්
එන්නට
මට අම්මේ අවසර
එන පෝය හදත්
ගමට ඇවිත් යන්නට පළමුව
මට අම්මේ අවසර
ඈ දෙපෙත්තෙන්ම නෑකම් ඇති
රාජවන්ශයට
මලෙන් උපන්නවගේ පිරිසිදු
කන්‍යා
පුළුලුකුල සිහින්ඉග සදවත
සැබෑම දෙවගන
සීගිරි අප්සරාව කැන්දන් එන්නට...
ආලකමන්දා දෝනියට කොහින්ද
අගහිග
කලා වැවයි තිසා වැවයි
ඇති දෑවැද්දට
සක්සියක් කවින් ඇවිත්
කියයි අසිරි මංගල
Sigiri Apsarawa Kendan Ennata - Asanka Priyamantha

EmoticonEmoticon