Iwasaida Manda Ma Dun Ridum - Samitha Mudunkotuwa

ඉවසයිද මන්දා මා දුන් රිදුම්..
වෙන්වීල ආ දා වෙනතක් බලන්..
උන්නාට මා රහසේ තුරුලක හෙමින්..
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්..

තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්..
තව කදුළු නැනේ දෙනෙතේ ඉතින්..
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්..
මට මාද නැතිඋනා සත්තයි හෙමින්..

ගොළුවෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ..
දරාගන්න බෑනේ මතකේ විලාපේ..
ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නෑ කාගෙන්වත්..
රැකගන්න බැරි වුනේ සංසාර ආදරේ..

ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්..
මට මාද නැතිඋනා සත්තයි හෙමින්..

මේ පාළු දුක් සිහිනේ අතර මන්වෙලා බොහෝසේ
අයෙ ගන්න බෑ සෙනෙහේ ඔබේ..
ජීවිතයේ වැටුණු තරම් නැගිටින්න බෑ.. ආයේ
මැරි මැරී උපදී මේ සංසාර ආදරේ..

ගායනය - අතුල/සමිතා


EmoticonEmoticon