දන්නවද මේ ඇස් හඩන්නේ
ඇයි කියලා
ඔයාව මට අයෙ ලැබන්නේ
නැති හින්දා
හමුවෙන්නට හීනයක්ද මට
අයෙ ඔයා
අරන් යන්න මගේ හුස්ම ඔයා
ඇවිල්ලා
ඔයා ඇවිල්ලා
රණ්ඩු වෙවී හිනාඋනා මතකද
අපි දෙන්නා
ඒ මතකේ මේ පපුවේ තවමත්
ඉකි බින්දා
තරහක් නෑ කවදාවත් මට දුක
හිතිලා
යන්න ගියත් මාවදමා මට
ඕනෙ ඔයා
දන්නවද මේ ඇස් හඩන්නේ
ඇයි කියලා...
තුරුල කරන් හීන ගොඩක්
තාම මං හඩනවා
මගේ නොවන ඔයා මට තාම
වටිනවා
සංසාරේ එක දවසක් යළි
මුණගැහිලා
හිනා උනත් ඒ ටිකවත් ඇති
අනේ ඔයා
දන්නවද මේ ඇස් හඩන්නේ ඇයි කියලා..
Dannawada Me As Hadanne - Theekshana Anuradha
EmoticonEmoticon