Aduru Kutiya Thula - T.M Jayarathna

අදුරු කුටිය තුල දොරගුළුදාගෙන
ගයන ගීතිකා යදින යාතිකාදෙවියන් හට නෑසේ
ඒ.... දෙවියන් හට නෑසේ
පොලොව කොටන තැන පාර තලන තැන
ගිනියම් අව්වේ මහා වරුසාවේ
දෙවියන් හට නෑසේ//
බලන් කඩතුරා හැර දෑසේ //

සිනිදු සුවැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැකි පිළි ගත පලදා
දෙවියන් රුව දක්නට හැක්කේ
අහා.... ආ..ආ..

අදුරු කුටිය තුල....

කුසුම් සදුන් දුම් සුවදින් වැළකී
ගත නැගී දාඩිය සුවදින් සැරසී
දෙවියන් හා එක්විය හැක්කේ
අහා.... ආ..ආ..

අදුරු කුටිය තුල....

ගායනය - ටී.එම්. ජයරත්න


EmoticonEmoticon