ආදරයේ පාවෙන හැගුමක්
ජීවිතයක් සෙව්වා..//
පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
මිරිගුවක් තනිකමක්
විතරමයි..
පෙම් සිහිනේ.. සිත සැනසූ
සේයාවී..
ඔබ මගේ.. සිත රැවටූ
මායාවී..//
මා ලගින් ලංවෙලා* ඔබ එදා
කී කතා..
මගේ දිළිඳු ලෝකෙ
මාලිගාවක් කලා..
ඒ තැනු මාලිගා* සුන්වෙලා
ගිය දිනේ..
අඩන්නට කදුළු ඉතිරි නොකර
යන්න ඔබ කියා
පෙම් සිහිනේ.. සිත සැනසූ
සේයාවී..
ඔබ මගේ.. සිත රැවටූ
මායාවී..//
වස්සානයේ තනිවෙලා*
තුරුලුවී උණුසුමේ..
දෑගිල්ලේ පැටලී උන් සදෑව
සුන්දරයි..
නුබ මගේ හැම භවේ*
දිවුරලා සෙනෙහසින්..
කී කතාව මගේ ලෝකේ
තනිවෙලා ගියා..
පෙම් සිහිනේ.. සිත සැනසූ
සේයාවී..
ඔබ මගේ.. සිත රැවටූ
මායාවී..//
EmoticonEmoticon