Showing posts with label Most Popular Songs. Show all posts
Showing posts with label Most Popular Songs. Show all posts

Waradak Unado Mage Athin - Theekshana Anuradha

වරදක් උනාදෝ මගේ අතින්
නොදොඩාම ඉන්නේ ඇයි මේ ලෙසින්
ඇස් දෙක අරන් යන්න බෑ නුබ ලගින්
හිනේහෙන්නකෝ අයෙ මා දෙස බලන්

නුබ ලගම සැනසෙන්න පෙරුමන් පුරා
රෑ නින්ද නැති හීනයම එළි කලා
සිත මගේ ඉල්ලන්නේ ඔය ඇස් නිසා
දිවුරන්නෙ මගෙ සෙනෙහෙ නුබටයි සදා
නුබටයි සදා

වරදක් වුනාදෝ ....
පියමනින විට රංචු වී මාවතේ
මුණගැහුණු නුබ සමනලී මා ලොවේ
සදාකර නොවූ නුබට මම පෙම් කලේ
එක්කර ගිහින් ඉන්න මගේ කූඩුවේ


වරදක් උනාදෝ මගේ අතින්....
සායම් කිරිල්ලී කොහේ ගිහින්දෝ
මාදම් කැලෑවේ මුවා උනාදෝ
මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම්
ආදරෙයි ආදරෙයි මං
හුරතල් විදින්නම් තුරුලේ නිදන්නම්
ආදරෙයි ආදරෙයි මං

තරහ වෙලා කදුලැල් සලා
වරුවක් ගෙවීලා ගියා
නොදනීඔයා කොහිදැයි කියා
මං හීතලේ තනි වෙලා
මල් දම් බදින්නම්...

කෝලම් කළේ බොරුවක් කියා
නොදනීද තරහා වෙලා
හිනැහී බලා සනසන්න මා
තව ඉන්න බෑ තනි වෙලා
මල් දම් බදින්නම්...

Pama Wu Athethe - Theekshana Anuradha

පමා වූ අතීතේ
තාමත් හිත යට හඩන්නේ
තනිවෙනා වෙලාවේ
තනියට කදුලයි තියෙන්නේ
මංගල පෝරුව සමීපේ
ඔහු ඔබ අතගත් නිමේශේ
පවසන්නට බැරි සෙනෙහේ
තාමත් තනි හිත පෙලන්නේ

කුළුදුල් සිහිනය සිතාලා
තරුවැල් ගැන ගැන පැතූ මා
රන්මුදුවෙන් සිත ඉරාලා
තනිකර යන ඔබ බලාලා
කොහොම ඉන්නද ඉවසාලා
කදුළින් නෙත් තටු පලීලා

කවදාවත් හිමි නොවෙවී
මේ දුකටත් නිම් නොවෙවී
බෝල් හුළගක් ඔද සිදිද්දී
මා මිය ගිය බව කියාවී
ඔබට දුක්ගිනි නොලබාදී
මං සමුගන්නම් සිනාසී

Oba Tharam Pem Kala Kisiwek - Theekshana Anuradha

ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයේ කොහෙවත්
ඔබට මං ආදරේ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන් වී ගියපසු
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහෙ තිබුනාදැයි
මේ තරම් ආදරේ මේ තරම් ආදරේ

රැයපුරා ඉකිගසා රතට හැරි  දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා ගිලන්වී හද පාරලා
අයෙත් ඔබ මට හිමිවේ නම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇතිනම් සුභ පතලා ඈතට වෙන්නම්

තනි වෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ
දිවිතුරා විදවමී අහිමි කරන් මගේ ආදරේ
අයෙත් ඔබ මට හිමිවෙයිනම් ආත්මයෙන් ඔබ අදහන්නම්

තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්
Oba Tharam Pem Kala Kisiwek - Theekshana Anuradha

Dannawada Me As Hadanne - Theekshana Anuradha

දන්නවද මේ ඇස් හඩන්නේ ඇයි කියලා
ඔයාව මට අයෙ ලැබන්නේ නැති හින්දා
හමුවෙන්නට හීනයක්ද මට අයෙ ඔයා
අරන් යන්න මගේ හුස්ම ඔයා ඇවිල්ලා
ඔයා ඇවිල්ලා

රණ්ඩු වෙවී හිනාඋනා මතකද අපි දෙන්නා
ඒ මතකේ මේ පපුවේ තවමත් ඉකි බින්දා
තරහක් නෑ කවදාවත් මට දුක හිතිලා
යන්න ගියත් මාවදමා මට ඕනෙ ඔයා

දන්නවද මේ ඇස් හඩන්නේ ඇයි කියලා...

තුරුල කරන් හීන ගොඩක් තාම මං හඩනවා
මගේ නොවන ඔයා මට තාම වටිනවා
සංසාරේ එක දවසක් යළි මුණගැහිලා
හිනා උනත් ඒ ටිකවත් ඇති අනේ ඔයා

දන්නවද මේ ඇස් හඩන්නේ ඇයි කියලා..
Dannawada Me As Hadanne - Theekshana Anuradha

Hindi Wage - Surendra Perera

FB එකේ මුළු දවසෙම රැකගෙන ඉදලා
දැකපු දැකපු Hot කෙල්ලට Request දාල
 Block උනාම Adminලට නාහෙන් අඩලා
OT නැති  Night Shift ගමකට ගහලා
පැයෙන් පැයට Profile Pics Upload කරලා
දවස තිස්සේ Edit කරපු Photos දාලා
ඇගේ ආදරේ ඉල්ලා ගත්තේ ආරොහි කියලා
හින්දි වගේ ලස්සන රූපේ දිලිසෙන්නේ
දැක්ක ගමන් කොයි කාගේත් ඇස් උඩ යන්නේ
Set වෙන්නේ ඉතින් බැදගන්නේ
අනේ සෙල්ලන් නෑ මචන් කොල්ලනේ

ගෙනාපු දවසේ ඉදන් සැර වෙලා
ලස්සන පස්ස දොරින් විසි වෙලා
මාගේ නිදහස Limited වෙලා
එයාගේ Government එක Run කලා
මං ළග නැති දේවල් ඉල්ලලා
හැඩුවේ මුළු දවසෙම පෙරලිලා
ලක්සෙට කොඩිය දාල රජවෙලා
හිටියට මෙයා ලගදි පචවෙලා

දවසින් දවසට වැඩ වැඩි වෙලා
එයාගේ ලස්සන අත් කළු වෙලා
Beautyය කචල් වෙන්න ලං වෙලා
Mother in lowට එන්න Set කලා
අවුරුද්දක් හරියට ගත වෙලා
දෙන්නම හොද ගානට තරවෙලා
මගේ බඩ පිට පොත්තට ඇලවිලා
හිතෙනවා ඉන්නට වනගත වෙලා


හින්දි වගේ ලස්සන....
Hindi Wage - Surendra Perera